Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
பிரதேச செயலகம், கொழும்பு
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්
පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා කොලොන්නාව ජනතාවට සහන ලබා දීම වෙනුවෙන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා කැස්බෑව කොට්ඨාසයේ වසම්හි අනුග්‍රාහකභවතුන් හා ජනතාවගේ සහය ඇතිව පිසූ ආහාර, ජල බෝතල් ,වියලි ආහාර ලබා දීම මෙම දිනයන්හි අඛන්ඩව සිදු කරනු ලබයි..
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබන මෙම ප්‍රජා සත්කාරය සහකාර ප්‍රාදේශීය ලේකම් අනෝමා ඕපනායක මෙය, මාණ්ඩලික නිලධාරීන්, වසම්භාර ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, කාර්යාල නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා කෘෂිකර්ම පර්යේෂන හා සංවර්ධන සහකාර නිලධාරීන් සහාය දක්වනු ලබයි.



2025.01.01 දින සේවාරම්භය
2025 නව වසරේ රාජකාරී ආරම්භය සනිටුහන් කරමින් 2025.01.01 දින කැස්බෑව ප්‍රදේශීය ලේකම් කේ.පී පේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සියළු නිලධාරින් එක්ව ජාතික කොඩිය ඔසවා රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදෙන ලදී.
ඉන් අනතුරුව කිරි උතුරවා පිරිත් සජ්ජායනය කර මහා සංඝරත්නය විසින් නිලධාරින් වෙත ආශිර්වාද කලහ.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ.පී. පේමදාස මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් ඒ.අයි. ඕපනායක මෙය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් ගේ සුරතින් කිරිබත් හා රස කැවිලි ලබාදෙමින් ලෙන්ගතුකමින් නව වසර සැමරහ. එමෙන්ම තම සේවාවන් පුළුල් කරමින් ඉදිරියේදී තම ප්‍රාදේශයේ ජනතාව සඳහා විශ්වාසනීය හා කාර්යක්ෂම සේවාවක් ඉටුකරන ආකාරය පිළිබඳ සාකච්ඡා කළහ..


.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් පාසල් උපකරණ බෙදාදීම 2022 වැඩසටහන
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් පාසල් උපකරණ බෙදාදීම 2022 වැඩසටහන 2022.10.19 දින කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 73හි අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 73ක් තෝරාගෙන පාසල් උපකරණ කට්ටල මෙහිදී බෙදා දුන්හ.
ජාත්‍යන්තර දුම්වැටි විරෝධී කොඩි දිනයට සමගාමීව වැඩිහිටියන් දුම්වැටි මධ්‍යසාර සඳහා යොදවන මුදල වසම්වල සමෘද්ධි නිලධාරීන්, සමිති නිලධාරීන්, සමෘද්ධි කළමණාකරන නිලධාරීන් සමාජ සංවර්ධන නිලධාරීන් විසින් එකතු කිරීමෙන් ලබාගන්නා මුදල් මගින් මෙම පාසල් උපකරණ කට්ටල ලබා ගන්නා ලදී..
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ .පී පේමදාස මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කැස්බෑව සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මඟින් වැඩසටහන සංවිධානය කළ අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑව සහකාර ප්‍රාදේශීය ලේකම් පූර්ණිමා එන්. වික්‍රමරත්න මහත්මිය, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ,කොළඹ දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමණාකරු, සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති කළමණාකරු, සමෘද්ධි මූලස්ථාන කළමනාකාරිණිය ,සමෘද්ධි බැංකු කළමණාකරුවන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් වැඩසටහන සිදු කරන ලදී.
பக்கம் 1 / 2


























