குடியுரிமை சாசனம்

 

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නැණ මිණි කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැණ මිණි ශිෂ්‍යත්ව 2022.05.25 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  කැස්බෑව නගර සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි .... කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආර්ථික අපහසුතා පවතින පවුල් වල දරුවන් 175 දෙනෙකු නැණ මිණ ශිෂ්‍යත්ව ප්‍රදානය සදහා තෝරාගන්නා ලද අතර අද දින සංකේතාත්මකව  දරුවන් 60 දෙනෙකු සදහා උත්සවාකාරයෙන් ශිෂ්‍යත්ව පිරිනමන ලදී....වර්ණවත් නර්තනාංග මෙන්ම ගීත ගායනා තුළින් මෙම උත්සවය වර්ණවත් විය...
මෙහිදී කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී ලලනි එස්.ප්‍රේමසිරි මහත්මිය විසින් රචිත කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලාකරුවන් 294 දෙනෙකුගේ විස්තර ඇතුළුත් කැස්බෑවේ අභිමානය ග්‍රන්ථය දොරටවැඩීමද සිදු කරන ලදී ....ලලනි එස්.ප්‍රේමසිරි මහත්මිය විසින් දිස්ත්‍රික් ලේකම්තුමා , කැස්බෑව ප්‍රාදේශීය ලේකම්තුමා ,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය  , සංස්කෘතික බලමණ්ඩලයේ සභාපති නන්ද උඩුවිල මහතා ඇතුළු  කලාකරුවන් හා  සම්භාවනීය ආරාධිතයින් වෙත මෙම ග්‍රන්ථය පිරිනමන ලදී.....
⁣මෙම අවස්ථාව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමා ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්,සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරී ,කලාකරුවන් හා කැපකරු ශිෂ්‍යත්ව පිරිනැමූ  මහත්ම මහත්මීන් සහභාගි විය ...

News & Events

26
டிச2025
අස්වැසුම

අස්වැසුම

අස්වැසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම 2025/12/31 දිනෙන්...

03
டிச2025
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්

පවතින ආපදා තත්වයෙන් විපතට පත් කඩුවෙල හා...

குடியுரிமை சாசனம்

Scroll To Top