ආයතන අංශය
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| ප්‍රධාන කාර්යයන් | 1. වැඩිහිටි ආධාර ලබා දීම .
2. වැඩිහිටි හැඳුනුම්පත් ලබා දීම .
3. වැඩිහිටියන් සඳහා ආරෝග්‍ය ආධාර ලබා දීම .
4. වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම .
5. වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සඳහා අවම පහසුකම් ලබා දීම .
6. වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සඳහා ශ්‍රවණ උපකරණ , අක්ෂි කාච හා ඇස් කණ්නාඩි ලබා දීම .
7. ග්‍රාමීය වැඩිහිටි සමිති කටයුතු කිරීම .
8. ග්‍රාමීය වැඩිහිටි සමිති සඳහා උපකරණ ලබා දීම .
9. වැඩිහිටි නිවාස සම්බන්ධ කටයුතු කිරීම .
10. ආබාධිත ආධාර ලබා දීම .
11. වකුගඩු ආධාර ලබා දීම .
12. ආබාධිත වෛද්‍යාධාර , අධ්‍යාපනාධාර , ස්වයං රැකියා ආධාර , ආබාධිත උපකරණ, නිවාස ආධාර ලබා දීම .
13. සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට බඳවා ගැනීම .
14. ස්වේච්ජා සංවිධාන කටයුතු කිරීම .
15. මහජනාධාර ලබා දීම .
16. රෝගාධාර ලබා දීම . ( පිළිකා / ක්ෂය රෝග / ලාදුරු / තැලිසීමියා )
17. ආබාධිත උපකරණ ලබා දීම .
18. වැඩිහිටි නිවාසගත කිරීම .
19. විශේෂිත ආධාර ලබා දීම .
20. ගර්භණී මව්වරු ලියාපදිංචි කිරීමේ ලේඛන පවත්වාගෙන යාම .
21. ගර්භණී මව්වරුන්ගේ වවුචර්පත් නිකුත් කිරිීීමේ ලේඛන සකස් කර පවත්වාගෙන යාමේ රාජකාරී කටයුතු .
22. අදාළ මව්වරුන්ගේ තොරතුරු පරිගණක ගත කරමින් දත්ත පද්ධතිය පවත්වාගෙන යාම .
23. නිකුත් කිරීමට අදාළ වවුචර්පත් ක්‍රමවත්ව සකස් කිරීමේ රාජකාරී කටයුතු .
24. විෂයට අදාළ ලිපි ගොනු පවත්වාගෙන යාම සහ ලිපි ගනුදෙනු පවත්වාගෙන යාමේ රාජකාරී කටයුතු .
25. මෙම විෂයට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට / අමාත්‍යංශයට යොමු කිරීමට අවශ්‍ය තොරතුරු මුල් ළමා විය සංවර්ධන නිලධාරිට ලබා දීම .
26. ගර්භණී මව්වරුන්ගේ සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණ දීමනාව ලබා දීමේ වැඩ සටහන සඳහා අමාත්‍යංශය නිකුත් කරන ලද යාවත් කාලීන වූ චක්‍රෙල්ඛයට අනුව සුදුසුකම් සපුරාලන මව්වරුන්ට වවුචර්පත් නිකුත් කිරීමේ රාජකාරී කටයුතු .
27. මාසිකව නිකුත් කරන ලද පෝෂණ වවුචර් වලට අදාළව වෙළඳ ආයතන වලට ගෙවීම් සිදු කිරීම හා සම්බන්ධ රාජකාරී කටයුතු .
|
ගිණුම් අංශය
| ප්‍රධාන කාර්යයන් | 1. මූලධන හා පුනරාවර්තන වියදම් සම්බන්ධව සියළු ගෙවීම් කටයුතු සිදුකිරීම.
2. වැය ලෙජරයන් පවත්වා ගැනීම.
3. සිගාස් (CIGAS) පද්ධතිය හරහා මධ්‍යම රජයේ හා පළාත් සභාවට අදාල මාසික ගිණුම් සාරාංශ නියමිත දිනට පෙර දිස්ත්‍රික් ලේකම් වෙත/ ප්‍රධාන ලේකම් වෙත ඉදිරිපත් කිරීම.
4. ITMIS පද්ධතිය ක්‍රියාත්මක කර නියමිත වේලාවට අක්මුදල් ගෙන්වාගෙන ගෙවීම් කිරීමට කටයුතු කිරීම.
5. රාජ්‍ය ආදායම් ලැබීම් හා ගෙවීම් කටයුතු සඳහා සරප් අංශය පවත්වා ගැනීම.
6. පොදු තැන්පත් ගිණුම පවත්වාගෙන යාම හා පොදු තැන්පත් කාල විශ්ලේෂණ වාර්තා සකස් කිරීම.
7. බැංකු සැසඳුම් වාර්තා හා මාසික ගිණුම් සැසඳුම් වාර්තා සකස් කිරීම.
8. මධ්‍යම රජයේ හා පළාත් සභා මූල්‍ය ප්‍රකාශන සකස් කර නියමිත දිනට පෙර දිස්ත්‍රික් ලේකම් / ප්‍රධාන ලේකම් වෙත ඉදිරිපත් කිරීම.
9. සියළුම කාර්ය මණ්ඩල වැටුප් සකස් කිරීම හා වාර්තා තබා ගැනීම.
10. රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් බී ගිණුම අදාළ සීමාවන් තුළ පවත්වාගැනීම හා මාසික සැසඳුම් වාර්තා ඉදිරිපත් කිරීම.
11. ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීම හා මධ්‍යම රජයේ හා පළාත් සභාවේ සියළුම ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම.
12. වත්කම් මිලදීගැනීම, නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීමට අදාල කටයුතු සිදු කිරීම.
13. පාරිභෝජ්‍ය භාණ්ඩ හා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම, ගබඩාකරණය, නිකුත් කිරීම හා වාර්තා තබා ගැනීම.
14. සියළුම බදු ආදායම් එකතු කිරීම හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගිණුම්ගත කිරීම.
15. පළාත් සභා /අමාත්‍යාංශ / දෙපාර්තමේන්තුවල හර/ බැර වාර්තා නියමිත දිනට ඉදිරිපත් කිරීම.
16. නියමිත දිනට ප්‍රේෂණ මුදල් ප්‍රධාන ලේකම් වෙත යැවීමට කටයුතු කිරීම.
17. මාසික මූල්‍ය වාර්තා, කළමනාකරණ වාර්තා හා කාර්යසාධන වාර්තා සකස් කිරීම හා ඉදිරිපත් කිරීම.
18. බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලැබෙන වාහන ආදායම් බලපත් තොග සුරැකිව තබා ගැනීම, බලපත්‍ර නිකුත් කිරීම, ආදායම ගිණුම් ගත කිරීම හා වාර්තා යැවීම.
19. කාර්තුවකට එක් වරක් වනසේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම හා වාර්තා ඉදිරිපත් කිරීම.
20. මධ්‍යම රජයේ හා පළාත් සභාව මගින් කෙරනෙ විගණනයන්ට සහාය දීම හා විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම
|
අස්වැමසුම අංශය
| ප්‍රධාන කාර්යයන් | 1. අයදුම්පත් කැඳවීම.
2. ක්ෂේත්‍ර තොරතුරු සංගණනය.
3. තේරීම් කමිටු නිරීක්ෂණය සහ අනුමැතිය.
4. සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීම.
5. අභියාචනා සහ විරෝධතා කැඳවීම.
6. අභියාචනා කමිටු මඟින් නිරීක්ෂණය හා අනුමැතිය ලබා දීම.
7. ප්රතිලාභ දීමනා ගෙවීම.
|



















